කබරදොල ඇල්ලේ දිය නා පැමිණි තරුණයා අත්වැල්තොට ඇල්ලේ පින්තූර ගනිද්දී පය ලිස්සා ඇල්ලට බිලි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
12

කබරදොල ඇල්ලේ දිය නා පැමිණි තරුණයා අත්වැල්තොට ඇල්ලේ පින්තූර ගනිද්දී පය ලිස්සා ඇල්ලට බිලි

කබරදොල ඇල්ලේ දිය නා පැමිණි තරුණයා අත්වැල්තොට ඇල්ලේ පින්තූර ගනිද්දී පය ලිස්සා ඇල්ලට බිලි

අත්වැල්තොට ඇල්ලේ ඡායාරූප ගනිමින් සිටි පුද්ගලයෙකු පසුගිය 10 වනදා පස්වරුවේ එම ඇල්ලට වැටී දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.

 

මෙලෙස අතුරුදහන්ව තිබෙන්නේ පානදුර, කෙසෙල්වත්ත, එදිරි මාවතේ පදිංචිව සිටි මොහොමඞ් අහමඩ් නමැති 21 හැවිරිදි තරුණයෙකුය.

 

එම තරුණයා තවත් යහළුවන් කිහිපදෙනෙකු සමඟ බදුරලියට පැමිණ කබරදොල ඇල්ලේ දිය නා එන අතර මගදී පස්වරු 5.30ට පමණ අත්වැල්තොට ඇල්ල අසල නතර වී ඡායාරූප ගනිමින් සිට තිබේ. 

 

එහිදී ඔහුගේ පය ලිස්සා දියට වැටී අතුරුදහන්ව ඇති බව මෙතෙක් කළ විමර්ෂණවලදී තහවුරුව ඇත.

 

බදුරලිය පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව දියේ ගිලී ඇති පුද්ගලයා සොයා මෙහෙයුම් සිදුකරයි.

views

875 Views

Comments

arrow-up