ඔන්ලයින් පංතිය අතරතුර 16 හැවිරිදි සිසුවා එම වයසේම දැරිවියකට නිල් චිත්‍රපට යවලා මාට්ටූ

දාසය හැවිරිදි සිසුවියකගේ ජංගම දුරකථනයකට අසභ්‍ය වීඩියෝ දර්ශන එවූ එම වයසේම සිසුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා
අක්මීමන පොලිසියෙන් මෙම සිද්ධිය වාර්තා වන අතර අදාළ සිසුවියට අවස්ථා කිහිපයකදීම මෙම සිසුවා අසභ්‍ය වීඩියෝ දර්ශන එවා ඇති බවයි වාර්තා වන්නේ
ඔන්ලයින් පන්ති වලදීත් මෙම සිසුවා මෙම සිසුවිය හඳුනාගෙන ඇති අතර පන්ති වෙලාවේදීත් මෙලෙස ඇයට මොහු විසින් අසභ්‍ය වීඩියෝ පට එවා තිබෙනවා
සිසුවියගේ දෙමාපියන් විසින් අක්මීමන පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මීට අදාළ විමර්ශන ආරම්භ කොට ඇති අතර එහිදී හෙළිව ඇත්තේ මෙම සිම් පත විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකුට අයත් එකක් බවයි
ඔහු පොලිසිය වෙත රැගෙන විත් ප්‍රශ්න කිරීම් කිරීමෙන් අනතුරුව හෙළිව ඇත්තේ සිය මුණුබුරාට ඔන්ලයින් පන්ති යාම සඳහා ඔහුගේ සිම් පත අයත් ඉස්මාට් දුරකථනය ලබාදී ඇති බවයි.
එසේම මෙහිදී සැකකාර සිසුවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස භාරයට ගෙන ඇතැයි වාර්තා වෙනවා.
1342 Views
Comments