රනිල්ගේ ප්‍රකාශය වැරදියි - ඉන්ධන හිඟයක් නොමැති බව රජය දැනුම් දෙයි

මෙරට තුළ මේ වන තෙක් කිසිඳු ඉන්ධන හිඟයක් මතු වී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
ඔහු මේ බව දැනුම් දුන්නේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා චෝදනා කළේ නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට හේතුව ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය විදේශ විනිමය නොමැතිවීම බවයි. එමෙන්ම 1වනදා වන විට අවශ්‍ය තෙල් ලබා ගැනීමට නොහැකි වුවහොත් නැවතත් ඇදිරි නීතිය දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළා.
වික්‍රමසිංහ මහතාගේ මෙම ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එවැනි කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව කියා සිටියා.
866 Views
Comments