හමුදාවට පහර දුන් අය අල්ලන්න ගිය පොලිසියටත් පහරදෙයි - පොලිසියේ දෙකකට තුවාල

මින්නේරිය සහ වව්නියාව යුද හමුදා කඳවුරුවල සේවය කරන හමුදා සෙබළුන් දෙදෙනකුට පහරදීමක් සම්බන්ධව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පසුගිය 19 වනදා රාත්‍රියේ බේරුවල පාදුගොඩ පිටහේන ප්‍රදේශයේ නිවසකට ගිය අළුත්ගම පොලිසියේ නිලධාරීන් පිරිසකට සැකකරු හා ඥාතීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් පොලිස් පරීක්‍ෂක අංජන සහ පොලිස් කොස්තාපල් ජයරත්න (83618) යන දෙදෙනා තුවාල ලබා තිබේ.
රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් පරීක්‍ෂක අංජන මහතා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු එම සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අවස්ථාවේදී සැකකරු හා නිවැසියන් සාපරාධී බලහත්කාරය පාමින් පොලිස් පරීක්‍ෂකවරයාට පොල්ලකින් පහරදීමට තැත් කර ඇති බවත් අනතුරුව අළුත්ගම පොලිසිය දැනුවත් කර නිලධාරීන් කණ්ඩායමක් ගෙන්වා සැකකරුව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරීන් දෙදෙනාට තුවාල සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
දැනට තුවාල ලබා අළුත්ගම සීනවත්ත රෝහලේ ප්‍රතිකාර ලබන යුද හමුදා සෙබළුන් දෙදෙනාගෙන් එක් අයෙකු අදාළ සැකකරුගේ දියණියක් සමඟ ප්‍රේම සම්බන්ධක් පවත්වා ඇති බවත් සැකකරු ඊට විරෝධය දක්වා එම සෙබළාට හා තවත් සෙබළෙකුට පහරදී ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
අළුත්ගම පොලිසිය සිදුවීම සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.
1033 Views
Comments