තණකොළ මැෂිමට හසුවී අවසන් ගමන් ගිය පුංචි සිඟිත්තා

පල්ලම, සේරුකැලේ ප්‍රදේශයේ අවුරුදු තුන හමාරක් වන සිඟිති දරුවෙකු ට්‍රැක්ටරයකට යටවි එහි තණකොළ කපන යන්ත්‍රයකට අසුවීමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි පල්ලම පොලිසිය පවසයි.
පල්ලම සේරුකැලේ විසු ඒකනායක මුදියන්සේලාගේ ශ්‍රීමාන් හිමාෂ නමැති දරුවෙකු මෙලෙස මියගොස් ඇත.
මියගිය දරුවාගේ මාමා ට්‍රැක්ටරයකින් තණ කොළ කපමින් සිට ඇති අතර එම ස්ථානයට ආ මෙම දරුවා ට්‍රැක්ටරය මත වාඩි කරවා ට්‍රැක්යටරය ක්‍රියාත්මක කරවා තණකොළ කපමින් සිට තිබේ.
ට්‍රැක්ටරය මත වාඩි වී උන් දරුවා ලිස්සා බිම වැටි ට්‍රැක්යරයට සවිකර තිබුණු තණ කොළ කපන මැෂිමට කැපි බරපතල තුවාල ලබා එම ස්ථානයේ දිම මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් පල්ලම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
1162 Views
Comments