කැටගොඩ දෙවනි වරටත් දිවුරුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

කැටගොඩ දෙවනි වරටත් දිවුරුම් දෙයි

කැටගොඩ දෙවනි වරටත් දිවුරුම් දෙයි

ජයන්ත කැටගොඩ මහතා අද (21) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ජයන්ත කැටගොඩ මහතා එලෙස දිවුරුම් දෙනු ලැබීය.

 

 

09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු මීට පෙරද කටයුතු කළ අතර බැසිල් රාජපක්ෂ මහතාට ඉඩ දෙමින් දෙමින් ඔහු සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බැවින් ජයන්ත කැටගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ දෙවන වරටයි.

views

745 Views

Comments

arrow-up