කුඩු ගැසීමට මුදල් නොදුන්නේ යැයි උරණ වූ සැමියා බිරියගේ අතපය බැඳ මුහුණට ගිනි තබයි

අයිස් මත්ද්‍රව්‍ය ගැනීමට මුදල් ලබා නොදීම හේතුවෙන් උරණ වූ සැමියා සිය බිරිඳගේ අත පය බැඳ ඇගේ මුහුණ ගිනි තැබූ බව කියන සිදුවීමක් වාර්තාවේ.
සිදුවීමට සම්බන්ධ පුද්ගලයා අද(14) පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගත්බව මොරටුව එගොඩඋයන පොලිසිය සඳහන් කරයි.
මුහුණ සහ අත් දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබා අදාල කාන්තාව පානදුර මූලික රෝහට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරින් කටයුතු කර තිබේ.
සැකකරු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බව සඳහන් කරන පොලිසිය ඔහු නිරතුරුවම පවුල් ආරවුල් ඇති කරගෙන ඇති බවද කියයි.
මෙම ගිනි තැබීම සිදු කරන අවස්ථාවේදී මාස හතරක්වූ බිළිදාද බිරිඳගේ උකුල මත සිට ඇති අතර දරුවා බේරා ගැනීම සඳහා බිරිඳ ඇදෙන් පැන ඇති අතර ඒ හේතුවෙන් බිළිඳාගේ ජීවිතය බේරී ඇති බව පොලිසිය පවසයි.
6570 Views
Comments