කිරි පිටි වැඩි කිරීමේ අවසන් තීරණය අනිද්දා

කිරි පිටි මිළ වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා දැනුම් දෙන බව රජය ප්‍රකාශ කරයි.
අනිද්දා රැස්වීමට නියමිත ජීවන වියදම් කමිටුව විසින් කිරි පිටි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබා දෙනු ඇත.
ලෝක වෙළඳපොලේ කිරි පිටි මිල ඉහල යාම,රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම,නැව් ගාස්තු ඉහළයාම යන හේතු නිසා කිරිපිට ආනයනකරුවන් රජයට දිගින් දිගටම ඉල්ලීම් කල අතර රජය තවම ඊට අවසර දී නොමැත.
කෙසේ වෙතත් ඔවුන්ගේ මූල්‍ය අලාභය හේතුවෙන් කිරිපිටි ආනයනය තාවකාලිකව මේ වන විට නවතා ඇත.
745 Views
Comments