ලංකාවේ ජනගහනයෙන් කොරෝනා මර්ධන එන්නත් ගත් පිරිස හරියටම කීයද?නවතම සංඛ්‍යාලේඛන

මෙරට සමස්ත ජනගහනයෙන් සියයට පනස් දෙකකට අධික පිරිසකට මේ වන විට කොරෝනාවට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ අතරින් බහුතරයක් වන්නේ වයස අවුරුදු 30ට වැඩි අයයි.
කොරෝනා ව්‍යාප්තිය වෙන වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සේම යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ තවත් සති දෙකකින් පමණ මෙම ප්‍රතිශතය සියයට 65 ක අගයක් ගන්නා බවයි.
එය වයස අවුරුදු විස්සත් තිහත් අතර තරුණ තරුණියන් සිය ඔවුන්ගේ දෙවන මාත්‍රාව ලබා ගැනීමත් සමගය.
එලෙස දෙවන මාත්‍රාව ලබා ගැනීමට ලක්ෂ 25කට අධික තරුණ තරුණියන් පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර දිවයින ම ආවරණය වන පරිදි වයස අවුරුදු 12 ත් විස්සත් අතර වූ විවිධ රෝග ලක්ෂණ ඇති සහ විවිධ සායනයන් සඳහා සහභාගි වන දරුවන් සඳහා එන්නත් කරන වැඩපිළිවෙළ ද මේ වනවිට ආරම්භ කොට තිබෙනවා.
868 Views
Comments