යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී පුද්ගලයෙක් මරුට

යකල්ල, ගල්කුලම මාර්ගයේ කුට්ටිකුලම ප්‍රදේශයේදි යතුරුපැදි දෙකක් එකිනෙක ගැටිමෙන් යතුරු පැදිකරුවෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සිවලාකුලමේ පදිංචිව සිටි නන්දන රත්නායක නැමති තිස්එක් හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා යතුරුපැදියෙන් ගල්කුලම සිට යකල්ල දෙසටත් තුවාල ලැබු පුද්ගලයා යකල්ල දෙස සිට ගල්කුලම දෙසටත් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදි කුට්ටිකුලමදි ගැටි ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් පසු දෙදෙනාම පයිරමඩුව රෝහලට ඇතුළත් කලත් 31 හැවිරිදි පුද්ගලයා මිය ගොස් තිබේ.
අනතුරින් තුවාල ලැබු සිවලාකුලමේ පදිංචි 27 හැවිරිදි අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
786 Views
Comments