මුං ඇට මිලදීගන්න මහ භාණ්ඩාගාරයෙන් මුදල්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

මුං ඇට මිලදීගන්න මහ භාණ්ඩාගාරයෙන් මුදල්

මුං ඇට මිලදීගන්න මහ භාණ්ඩාගාරයෙන් මුදල්

අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දිසාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

 


 
අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වී ඇති බවට ගොවීන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කීරිමෙන් පසු මෙම පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් ⁣කළේය.

 


 
මොණරාගල , හම්බන්තොට හා රජරට ප්‍රදේශවල මුං අස්වැන්න මේ දිනවල නෙලමින් පවතින අතර මෙවර අස්වැන්න වෙනදාට වඩා සරු බවද වාර්තා වේ.

views

769 Views

Comments

arrow-up