ලංකා - ඉන්දියා ධීවර අර්බුදය උග්‍රවේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක සිට පවතින ධීවර අර්බුදය උග්‍ර අතට පත්ව ඇත.
කච්චතිව් මුහුදු තීරයේ තමන්ට ධීවර කටයුතුවල නිරත වන ලෙස ඉන්දීය ධීවරයින් යළිත් වරක් ඉල්ලීම් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ හේතුවෙන් රාමේෂ්වරම්හි ධීවරයින් පිරිසක් ආරම්භ කළ උද්ඝෝෂණය අද(19) දිනයේදීත් ක්‍රියාත්මකවේ.
එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ කච්චතිව් මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට මධ්‍යම රජයෙන් සහ ප්‍රාන්ත රජයෙන් අවසර ලබාදෙන ලෙසයි.
අනුව එම උද්ඝෝෂණය සතියක් පුරා ක්‍රියාත්මක කිරීමට එම ධීවරයින් සැලසුම් කර තිබේ.
එසේම පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රාවලට වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇති බව සඳහන් වේ.
මේ අතර ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස තමිල්නාඩු පොලීසිය විසින් එරට ධීවරයන්ට දැනුම් දී තිබේ.
එලෙස නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකළහොත් ප්‍රහාරයන් එල්ල විය හැකි බවද තමිල්නාඩු පොලීසිය ඉන්දීය ධීවරයින්ට පවසා තිබේ.
689 Views
Comments