පොලිස් ලොක්කන් ලෙස ව්‍යාජ ෆෙස්බුක් ගිණුම් සාදා වංචා සිදුකල තරුණයා රිමාන්ඩ්

පානදුර සහකාර පොලිස් අධිකාරි ඇතුළු නිළධාරීන් සිව්දෙනකුගේ නමි වලින් ව්‍යාජ ෆෙස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් වංචාවන් සිදුකළ බව කියන පුද්ගලයෙකු නොවැම්බර් 08 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා ඊයේ(25) නියෝග කළේය.
රවිදු කල්හාර නමැති රවතාවත්ත, මොරටුව ලිපිනයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු මෙලෙස රිමාන්ඩ් කරන ලදී.
මෙම වංචාව සම්බන්ධයෙන් පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සිදුකරනු ලැබූ අනාවරණයකින් පසු පානදුර පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත් අත්අඩංගුවට ගෙන තිබුණි.
743 Views
Comments