නබි නායකතුමාගේ ජන්ම දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

නබි නායකතුමාගේ ජන්ම දිනය අදයි

නබි නායකතුමාගේ ජන්ම දිනය අදයි

ඉස්ලාමීය බැතිමතුන්ගේ ශාස්තෘවරයානන් වන ශුද්ධවූ මුහම්මද් නබි නායකතුමාගේ උපන් දිනය අදට(19) යෙදී තිබේ.

 

ඒ සම්බන්ධයෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ නබිනායකතුමන්ගේ මානුෂීය දර්ශනය අන් කවරදාටත් වඩා අද සමාජ සුබසිද්ධියට අවශ්‍යය බවයි.

 

එතුමාගේ ජීවිතය පුරා පවත්වාගෙන ගිය මානුෂීය දර්ශනය අන් කවරදාටත් වඩා අද සමාජ සුබසිද්ධියට යොදා ගැනීම කාලෝචිත බවත් එම පණිවිඩයේ දැක්වේ.

 

“අදටත් ලෝක ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවී සිටින නබිතුමාගේ ජීවිතාදර්ශයන්ට ගරු කරන ශී‍්‍ර ලාංකික ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ජගත් ඉස්ලාම් ජනතාවගේ ජීවිත ආලෝකවත් වී, සියලූ දෙනාට සෞභාග්‍යය උදා වේවායි ප‍්‍රාර්ථනා කරමි.”

 

යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

views

697 Views

Comments

arrow-up