NOV
02
එක් ආසාදිතයෙක් නිසා චීනයේ ඩිස්නිලන්තය වසා දැමේ

කොවිඩ් -19 ආසාදිතයෙකු හඳුනාගැනීමෙන් පසු චීනයේ ෂැංහායි, ඩිස්නිලන්තය වසාදමා ඇත.
ඩිස්නිලන්තයේ සංචාරය කල කාන්තාවක් ආපසු නිවසට පැමිණීමෙන් පසුව කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධව එම කාන්තාව විසින් අදාළ බළධාරින් දැනුවත් කිරීමෙන් පසුව ෂැංහයි ඩිස්නිලන්තය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර තිබේ.
ඩිස්නිලන්තය සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධව ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බව ෂැංහායි බලධාරීන් සඳහන් කරයි.
687 Views
Comments