සීනි අර්බුදය උග්‍ර අතට - හිඟයට හේතුව ඩොලර්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

සීනි අර්බුදය උග්‍ර අතට - හිඟයට හේතුව ඩොලර්

සීනි අර්බුදය උග්‍ර අතට - හිඟයට හේතුව ඩොලර්

ආනයනික සුදු සීනි තොග රට තුළ නොමැති බවත් රට මුහුණදී ඇති ඩොලර් ගැටලුව හේතුවෙන් ඉල්ලු‍මට ප්‍රමාණවත් ලෙස සීනි ආනයනය කිරීමට නොහැකි වීම මෙම සීනි හිඟයට හේතුව බවත් සීනි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

 

මේ වන විට දුඹුරු සීනි ආනයනය තහනම් කර ඇති බැවින් රට තුළ දේශීය නිෂ්පාදිත දුඹුරු සීනි පමණක් ඇති බවත් කී ඒ මහතා ඉන්දියාවේ සීනි මිල ඉහළ නොගිය හොත් පාලන මිලට සීනි ලබාදීමේ ගැටලු‍වක් නොමැති බවද සඳහන් කර සිටියේය.

 

සීනි ආනයන සඳහා ඩොලර් ගැටලුව බලපෑම් කර ඇති බවත් ඩොලර් නියමිත පරිදි ලැබෙන්නේ නම් සීනි ආනයනය කිරීමේ ප්‍රශ්නයක් නොමැති බවත් නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

views

688 Views

Comments

arrow-up