කොරෝනා ආසාදිතයන් 412ක් වාර්තාවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

කොරෝනා ආසාදිතයන් 412ක් වාර්තාවෙයි

කොරෝනා ආසාදිතයන් 412ක් වාර්තාවෙයි

කොවිඩ් 19 ආසාදිත රෝගීන් 412 දෙනෙකු ඊයේ(25) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

 

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,36,496ක් දක්වා ඉහලගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

 

මේ අතර ඊයේ(25) දිනයේදී කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 315 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,03,703 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

views

707 Views

Comments

arrow-up