අල්ලස් ගත් කෘෂි නිලධාරියාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

අල්ලස් ගත් කෘෂි නිලධාරියාට වැඩ වරදී

අල්ලස් ගත් කෘෂි නිලධාරියාට වැඩ වරදී

සුළු බෝග සහ පොල් වගා කිරීමට අවශ්‍ය වාර්තා ලබා දීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරිකයෙකුගෙන් ඉල්ලූ බෙන්තොට ගොවිජන ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීයෙක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම විසින් ඊයේ(25) බෙන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ පැමිණිලිකාර ව්‍යාපාරිකයා සැකකාර ගොවිජන ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියාට අල්ලස් වශයෙන් රුපියල් 15000මුදලක් මුලින් ලබාදෙනු ලැබ ඇති අතර තවත් රුපියල් විසිපන්දහසක මුදලක් ඊයේ(25) ලබා දීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

 

සැකකරු 58 හැවිරිදි කළුවැල්ල ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ (විමර්ශන) ජේෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක විතානගේ මහතා පැවසීය.

 

ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත.

 

ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බෙන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී සැකකරු අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවද අල්ලස් කොමිසම පවසයි.

views

638 Views

Comments

arrow-up