කෝටි හයක් අරන් පැන්න හිටපු සෙබළා මාට්ටු

පෞද්ගලික බැංකුවක ඒ. ටි. එම්. යන්ත්‍රවලට මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියදුරා රුපියල් හය කෝටි හැත්තැහතර ලක්ෂ දහනව දහස් හත් සියයක මුදලක් රැගෙන එම වෑන් රථයෙන් පලායමින් සිටියදී නුවරඑළිය, බදුල්ල පාර රේන්දපොල හන්දිය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හිටපු හමුදා සෙබළෙකි.
පෞද්ගලික බැංකුවක ඒ.ටි.එම් යන්ත්‍රවලට මුදල් දැමීම සඳහා සේප්පුවක බහා මුදල් රැගෙන කොළඹ සිට හැටන් දක්වා යමින් සිටි වෑන් රථය හැටන් නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට නවතා එම බැංකුවේ යන්ත්‍රයට මුදල් දැමීමට අනෙකුත් නිලධාරීන් වෑන් රථයෙන් බැස ගිය අවස්ථාවේදී රියදුරු ලෙස සිටි හමුදා සෙබලා මුදල් රැගෙන පලායන බවට පොලිසියට දන්වා තිබේ.
අවට පොලිසිය සිද්ධිය සැලවූ සැනින් මිහිපිලිපාන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සියලු මාර්ග ආවරණ වන පරිදි විශේෂ මුර කපොලු යොදා මුදල් රැගෙන පලායමින් සිටි හිටපු හමුදා සෙබලා නුවරඑළිය බදුල්ල පාර අඹේවෙල රේන්දපොල හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් තොගය සහ සැකකරු කැප්පෙටිපොළ පොලිසිය වෙත බාරදීමට නියමිතව ඇත.
756 Views
Comments