පාස්කු ප්‍රහාරය සම්බන්ධව සුරේෂ් සලේගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සුරේෂ් සලේගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සුරේෂ් සලේගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) ඊටේ(25) පැමිණිල්ලක් කර ඇත.

 

පාස්ක ප්‍රහාරය සම්බන්ධයෙන් “සූම්” තාක්‍ෂණ ඔස්සේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා ඇතුළු පිරිසක් විසින් තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට පහසුකම් සැපයූ බවට ද්වේශ සහගතව සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව පරීක්‍ෂණයක් කළ යුතු බවත් මෙවැනි අසත්‍ය චෝදනා මගින් රාජ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් සේවය කරන නිලධාරීන් අපහසුතාවට පත්වන බවත් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

views

679 Views

Comments

arrow-up