කොවිඩ් එන්නත් දෙකම ලබා නොගත් පිරිසට තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

කොවිඩ් එන්නත් දෙකම ලබා නොගත් පිරිසට තහනමක්

කොවිඩ් එන්නත් දෙකම ලබා නොගත් පිරිසට තහනමක්

කොරෝනා මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළුවීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව ඇත.

 

මේ පිළිබඳව අද(08) පාර්ලිමේන්තුමේන්තුවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ නීතිපතිවරයා විසින් එයට අදාළ අනුමැතිය ලබාදුන් බවයි.

 

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

 

”‍ගිය සතියේ මම නීතිපතිතුමාගෙන් අවසර් ඉල්ලු‍වා නීතියේ රාමුව තුළ, අවසරයක් තියෙයිද කියලා වැක්සීන් දෙකම ගත්තේ නැති අයට පොදු ස්ථානවලට යන්න බැරිවෙන්න. දැන් මට අද ලැබිලා තියෙනවා එය නීතියානූකූලව කරන්න පුළුවන් කියලා.

මම බලාපොරොත්තු වෙනවා එයට නීතියානුකූලව ඒ කටයුත්ත කරන්න.

ලෝකයේ දියුණු රටවල් ගණනාවක් ඒක කරලා තියෙනවා. මම බලාපොරොත්තුවෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට වැක්සීන් දෙකම ගන්න පුළුවන් ඇප් එකක් හදලා ඒ ඇප් එක නැත්නම් පොදු ස්ථානවලට යන එක තහනම් කරන්න.

ඒකටත් උසාවි යයි. නමුත් ඒකට මුහුණදෙන්න සිද්ධවෙනවා.”‍

views

843 Views

Comments

arrow-up