ජාතික රෝහලේ විකීරණ තාක්ෂණවේදීන් අටකට කොවිඩ්

කොළඹ ජාතික රෝහලේ සේවය කරන විකිරණ තාක්ෂණවේදීන් අට දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන අතර තවත් දෙදෙනෙකු නිරෝධායනයට ලක්කර ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කරයි.
මේ වන විට විකිරණ තාක්ෂණවේදීන් 10 දෙනෙකුගේ සේවය අහිමිවීම හේතුවෙන් පරික්ෂණ කටයුතු නිසියාකාරව කර ගැනීමේ අපහසුතාවක් මතුව තිබෙන බවද ලේකම්වරයා පැවසීය.
කොළඹ ජාතික රෝහලට විකිරණ තාක්ෂණවේදීන් 124දෙනකු අවශ්‍ය වනමුත් සේවය කරන්නේ 68 දෙනකු පමණක් බවත් කොවිඩ් හේතුවෙන් මේ වනවිට එම සංඛ්‍යාවද 58 දක්වා අඩුවි ඇතැයිද ධර්මකීර්ති ඈපා මහතා කියා සිටියේය.
670 Views
Comments