යතුරුපැදියෙන් ගොස් කාන්තාවන්ගේ මාල කැඩූ කොල්ලකරුවන් දෙකක් මාට්ටු

අතුරුගිරිය, මුල්ලේරියාව, මිරිහාන හා බොරලැස්ගමුව යන ප්‍රදේශවල යතුරුපැදියකින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ල කෑ පුද්ගලයින් දෙදෙනෙකු මීගොඩ බටවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුට නුගේගොඩ අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබූණු බවත් පොලිසිය කියයි.
සැකකරුවන් සමඟ කොල්ලකෑමට යොදාගත් යතුරුපැදිය හා කොල්ල කන ලද රන් මාලයක් පොලිසිය භාරයට ගෙන තිබේ.
පසුගිය මාස කිහිපය තුළ මෙම සැකකරුවන් දෙදෙනා මහ මඟ ගමන් කරන කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම් කිහිපයක් සිදුකර තිබූ බවත් ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශන වලින් පසුැව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
කොල්ලකෑමට යොදාගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු සහිත එකක් බවත් මොවුන් දෙදෙනා මුල්ලේරියාව හා බොරලස්ගමුව පොලිසි මගින් මීට පෙර රන් මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු පවරා තිබෙන පුද්ගලයින් දෙදෙනකු බවත් වැඩිදුරටත් අනාවරණ වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32 සහ 41 අතර පසුවන බඩල්ගම පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
712 Views
Comments