පෙත්සම් නිසා කාබනික පොහොර ආනයනයත් නවතීද? අධිකරණයෙන් තීන්දුවක්

විදේශයන්ගෙන් මෙරටට කාබනික පොහොර ආනයනය කිරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීම සදහා එළඹෙන 29 වනදා කැඳවීමට තීරණය වී තිබෙනවා.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි.
පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මෙම නඩුව හදිසි නඩුකරයක් සේ සලකන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර අභියාචනාධිකරණ එම ඉල්ලීම පිළිගෙන තිබෙනවා.
චීනයෙන් ගෙන්වන මෙට්‍රික් ටොන් 96,000ක කාබනික පොහොර තොගය තුළ මෙරටට අහිතකර ශුද්ධ ජීවීන් සහ බැක්ටීරියා ඇති හෙයින් ඒවා භාවිතා කිරීමෙන් මෙරට මහජනතාවට දැඩි අගතියක් සිදු විය හැකි බව පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
796 Views
Comments