“මහ කන්නයේ අටෙන් පහක් වැඩ පටන් ගෙන” - කෘෂිකර්ම ඇමති
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

“මහ කන්නයේ අටෙන් පහක් වැඩ පටන් ගෙන” - කෘෂිකර්ම ඇමති

“මහ කන්නයේ අටෙන් පහක් වැඩ පටන් ගෙන” - කෘෂිකර්ම ඇමති

මේ වන විට මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර් ලක්ෂ අටෙන් කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා සඳහන් කරයි.

 

උපවාස කරන ගොවීන් අතර නියම ගොවීන් කී දෙනෙකු සිටී දැයි සොයා බැලිය යුතු බවත් කී අලු‍ත්ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඒ උපවාසකරුවන් අතරට ගොස් නොයෙක් දේ පවසා තිබූ බවද හිටපු ජනාධිපතිවරයෙකු කී දෙයක් හෙයින් තමා ඊට උත්තර නොදෙන අතර තමා උත්තර දුනහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පාරේ බැස යාමට නොහැකි තත්වයක් උදාවනු ඇතැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

 

පේරාදෙණිය, ගන්නොරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ පැවති සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ සමාරම්භක උලළේ ප්‍රධාන ආරාධිතයා ලෙසට සහභාගී වෙමින් අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා මේ බව පැවසීය.

views

715 Views

Comments

arrow-up