යතුරුපැදි අනතුරෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකුට දිවි අහිමි වේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

යතුරුපැදි අනතුරෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකුට දිවි අහිමි වේ

යතුරුපැදි අනතුරෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකුට දිවි අහිමි වේ

වත්තල හැඳල අල්විස් ටවුන් ප්‍රධාන මාර්ගයේ සිදුවු යතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තිබෙනවා.

 

වේගයෙන් ධාවනය වූ යතුරු පැදිය විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ විභාගය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටි මෙනාශ හිතේෂ් නැමැති සිසුවා ය.

 

වත්තල පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

466 Views

Comments

arrow-up