පාසල්වල වසා දමා ඇති ශ්‍රේණි ආරම්භය පිළිබඳව නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

පාසල්වල වසා දමා ඇති ශ්‍රේණි ආරම්භය පිළිබඳව නිවේදනයක්

පාසල්වල වසා දමා ඇති ශ්‍රේණි ආරම්භය පිළිබඳව නිවේදනයක්

ලබන සතියේ සිට සියලුම පාසල්වල සියලුම ශ්‍රේණින් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

 

අද පැවති අයවැය විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව තහවුරු කළා.

 

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ දරුවන් කෙරෙහි විශාල ආයෝජනයක් සිදුකර ඇති බවයි .

 

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා

 

පාසල් විවෘත කරලා තියෙනවා. ඔක්තෝබර් 1 වනදායින් පස්සේ තමයි සෞඛ්‍ය නීති ඉවත් කළේ. ඔක්තෝබර් 1 වනදායින් පස්සේ තමයි පාසල් විවෘත කරන්න පුළුවන් වුණේ. ප්‍රාථමික පන්තිවලින් ආරම්භ වුණේ. 240,000ක් ගුරුවරු ඔක්කෝම එන්නත් කරලා තියෙනවා දෙවරක්. ඒ එන්නත් කරලා තමයි පාසල් පටන් ගත්තේ. ඒ නිසා අපිට පාසල් අද ඉහළ පන්ති සියල්ල විවෘත කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනෙකුත් ශ්‍රේණී පාසල්වල ආරම්භ කරනවා කථානායකතුමනි. ඒ නිසා අපි කවුරුත් සතුටු වෙන්න ඕනේ මේ දොරවැස්මෙන් පස්සේ පාසල් විවෘත කරන්න හැකිවීම ගැන."

views

796 Views

Comments

arrow-up