“මගේ පෙන්ෂන් එක කපලා අයවැය පියවන්න පුළුවන්ද, මේවා විහිළු” - මෛත්‍රී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

“මගේ පෙන්ෂන් එක කපලා අයවැය පියවන්න පුළුවන්ද, මේවා විහිළු” - මෛත්‍රී

“මගේ පෙන්ෂන් එක කපලා අයවැය පියවන්න පුළුවන්ද, මේවා විහිළු” - මෛත්‍රී

හිටපු ජනපති ලෙස තමාට හිමි විශ‍්‍රාම වැටුප වන රුපියල් 95,000ක මුදල කපා අයවැය පියවීමට හැකි නම් තමා සතුටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ(14) සඳහන් කලේය.

 

අයවැයෙන් ජනාධිපතිවරයෙකුට විශ‍්‍රාම වැටුප ලැබීමට නම් වසර 10ක් එක දිගට බලයේ සිටිය යුතුයි යන බවට ප්‍රකාශ කල බවත් එවැනි ප්‍රකාශ හාස්‍යජනක බවත් පැවැසූ හිටපු ජනපතිවරයා එවැනි විහිලූවලින් තමා කිසිසේත්ම නොසැලෙන බවත් කියා සිටියේය.

 

පෙරේදා(13) මහනුවර, පේරාදෙණිය සුබෝධාරාම විහාරයේ සිව්මහල් භික්‍ෂු අධ්‍යාපන කේන්ද්‍රය විවෘත කිරීමට එක්වෙමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා තමාගේ විශ‍්‍රාම වැටුප කපා හෝ ජනතාවට සහනයක් ලබාදිය හැකි නම් තමා ඊට සතුටු වන බවත් පවසා සිටියේය.

 

මාධ්‍යවේදීන් විසින් මෙවර අයවැයෙන් ජනතාවට සහන නොලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ අදහස් කුමක්දැයි කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා කියා සිටියේ තමා අයවැය සකස් කිරීමට දායක නොවූ බවත් ජනතාවට එසේ සහන නොලැබී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අයවැය සකස් කළ අයගෙන් විමසා බැලිය යුතු බවත්ය.

views

862 Views

Comments

arrow-up