දිය නෑමට ගිය කාන්තාව ඇල්ල කන්ද දොලට බිලිවෙයි

හොරණ ඇල්ල කන්ද දොලෙහි දිය නෑමට ගිය කාන්තාවක් දියේ ගිලී මිය ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසයි.
එලෙස මියගොස් තිබෙන්නේ හොරණ, ඇල්ල කන්ද පදිංචිව සිටි සම්මුගන් සත්‍යවානි නැමැති 45 හැවිරිදි කාන්තාවකි.
ඇය දිය නෑමට ගොස් පැය කීපයක් ගතවනතුරු නිවසට නොපැමිණි බවත් පසුව සමීප ඥාතිවරියක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වීමේදී කාන්තාවගේ මළසිරුර දියේ ගිලී තිබී හමුවූ බවත් පොලිසිය පවසයි
මෙම කාන්තාව යම් මානසික අසනීප තත්වයකින් පෙළෙන බව සමීප ඥාතිවරියක් පොලිසියට සඳහන් කර ඇත.
ඇය දිය නෑමට පැමිණි අවස්ථාවේ සේදීම සඳහා රැගෙන ගිය වලං කීපයක්ද දොල අසල තිබූ බව පොලිසිය කියයි.
මේ වන විට අදාල කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
757 Views
Comments