“මැණිකේ මගේ හිතේ”ට පැනවූ තහනම
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

“මැණිකේ මගේ හිතේ”ට පැනවූ තහනම

“මැණිකේ මගේ හිතේ”ට පැනවූ තහනම

මේ දිනවල දිවයිනේ විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් කඨින පූජෝත්සවය පැවැත්වෙන අතර ඒ  පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය විචාර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

 

සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සියලු‍ම විහාරස්ථාන විසින් නිවේදනයේ සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමුකර ක්‍රියා කරන ලෙසයි.

 

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව විහාරස්ථාන තුළ කඨින පූජෝත්සවය පැවැත්වීමට කටයුතු කරන ලෙස දන්වා තිබෙන අතර, පූජනීය ස්ථානවල භක්ති ගීත ප්‍රචාරය කිරීමේදී වර්තමානයේ පවතින ජනප්‍රිය ගීත නොව, ආගමික පසුබිමක් සහිත සහ ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් වාදනය කිරීමට පියවර ගනිමින්, එකී ආගමික කටයුත්තේ පූජනීයත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසට එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

views

1010 Views

Comments

arrow-up