එළඹෙන මාසයේ පෘථිවි භූ තැටි වල ප්‍රබල කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

එළඹෙන මාසයේ පෘථිවි භූ තැටි වල ප්‍රබල කම්පනයක්

එළඹෙන මාසයේ පෘථිවි භූ තැටි වල ප්‍රබල කම්පනයක්

පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් මාර්තු මාසයේ පළමු සතිය තුළදී  සිදුවිය හැකි බවට ඉරාකයේ බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යාඥයෙක් පුරෝකථනය කර තිබේ.

 

ඔහු කියා සිටියේ, චන්ද්‍රයා, පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතරට පැමිණීමත් සමග භූ තැටි මත ඇතිවන තෙරපීමෙන් ප්‍රබල භූකම්පන සිදුවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.

 

තුර්කි - සිරියා දේශ සීමාවේ සිදු වූ භූ කම්පනය පිළිබඳව පළමුව පුරෝකථනය කළ ලන්දේසි ජාතික විද්‍යාඥ ෆෑන්ස හූගර්බීට්ස්  ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙවැනිම අදහසක් පළ කර තිබුණි.

 

ඒ කෙසේ වෙතත් පිළිගත් විද්‍යාඥයින් පවසන්නේ ග්‍රහ පිහිටීම මත පදනම් ව භූ කම්පන පිළිබඳව අනාවැකි පළ කිරීම භූ කම්පනය පිළිබඳ ඇති පිළිගත් පරාමිතීන්ට පටහැනි බවයි.


 
ඊයේ
(27) තුර්කියේ මලට්යා නගරය ආසන්නයේ රික්ටර් මාපාංක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබෙන අතර 

ඉන් එක් අයෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 110කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් භූ කම්පනයෙන් ගොඩනැගිලි 29ක් විනාශ වූ බවත් තුර්කි බලධාරීන් තහවුරු කර තිබේ.  

 

පුද්ගලයින් 60,000 කට ආසන්න පිරිසකට මරු කැඳවූ තුර්කි - සිරියා භූකම්පනයෙන් සති තුනකට පසුව‍ මෙම භූ කම්පනය වාර්තා වී තිබේ.
 

views

208 Views

Comments

arrow-up