“එන්නත් ගැන ඕනෑම කෙනෙක් සමඟ විවාදයකට මම සූදානම්” - අමාත්‍ය චන්න ජයසුමන
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

“එන්නත් ගැන ඕනෑම කෙනෙක් සමඟ විවාදයකට මම සූදානම්” - අමාත්‍ය චන්න ජයසුමන

“එන්නත් ගැන ඕනෑම කෙනෙක් සමඟ විවාදයකට මම සූදානම්” - අමාත්‍ය චන්න ජයසුමන

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් ඖෂධ කිහිපයක හිඟයක් පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල හිඟයක් පැවතුණු බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම හිඟය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම සඳහා කටයුතු කරමින් යන බවද කීවේය.

 

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂ හතරක් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය.

 

චන්න ජයසුමන මහතා මෙසේ පැවසුවේ ඖෂධ නියාමන අධිකාරී පනත පිළිබඳ විවාදයේදීය.

 

ජනාධිපතිවරයා එන්නත්කරණය සාර්ථක කර ගැනීම සඳහා ගෙනගිය වැඩපිළිවෙල අතිවිශිෂ්ඨ බව පැවසූ ජයසුමන මහතා මෙලෙස කටයුතු කරද්දිත් රටේ බොහෝ දෙනා නරක පමණක් දැකීම ඛේදජනක කාරණයක් බවද සඳහන් කළේය.

 

එන්නත් පිළිබඳව ගැටලු‍ පවතී නම් තමා ඕනෑම අයෙකු සමඟ ඒ පිළිබඳව විවාද කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

views

646 Views

Comments

arrow-up