“මත්පෙති බීලා මම කැමැත්තෙන් යහන්ගත වුණා” - අනියම් සැමියා විසින් මත්පෙති පොවා සලෙලුන්ට විකුණූ තිදරු මව සිදුකල පාපොච්චාරණය

කලක පටන් තමාට මත් පෙති පානය කිරීමටදී මත්වූ පසු සලෙලූන්ට මුදලට විකුණා මුදල් ඉපැයූ බව කියන තම අනියම් සැමියාට එරෙහිව අනුරාධපුර මල්වතුඔය ප්‍රදේශයේ තිස් අට හැවිරිදි තිදරු මවක් අනුරාධපුර ශික්ෂණ රෝහල් පොලිසිය වෙත පසුගිය 02 වනදා දහවල් ලබා දුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
අසනීප තත්ත්වයකට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අංක 60 වාට්ටුවේ ප්‍රතිකාර ලබන කාන්තාවක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.
වසර 03ක පමණ කාලයක සිට තමා විවාහක සැමියාගෙන් වෙන්ව අනියම් සැමියා සමඟ කුලී නිවසක ජීවත්වන බවත් එකී කාලය තුළ ඔහු සමඟ එකට මත්පෙති පානය කළ බවත් ඇය රෝහල් පොලිසියේ නිලධාරියෙකුට ස්වයං පාපොච්චාරණයක් සිදු කොට තිබේ.
මත්පෙති පානය කිරීමෙන් පසු මත්වූ ඇයව අනියම් සැමියා විසින් පිටස්තර පුද්ගලයින්ට මුදලට විකුණූ බවත් එම අවස්ථාවන්හිදී තමා එම පුද්ගලයින් සමඟ කැමත්තෙන් සිටි බවත් එම කාන්තාව පවසා ඇත.
ඉන් පසුව අනියම් සැමියා තමාව විකිණීම සම්බන්ධයෙන් අකමැති බැවින් තමාට මත් පෙති පානය කිරීමට නොදීමෙන් ශරීරය දැඩි ලෙස වේදනාවට පත්වන බවත් ඇය පවසා තිබේ.
තමාව පිටස්තර පුද්ගලයින්ට විකිණීමට ක්‍රියා කිරීමට එරෙහිව ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසත් ඇය තම ප්‍රකාශයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
858 Views
Comments