අර්තාපල් කියා ගෙන්වූ ලක්‍ෂ 30ක බීට්රූට් රේගුවෙන් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

අර්තාපල් කියා ගෙන්වූ ලක්‍ෂ 30ක බීට්රූට් රේගුවෙන් අල්ලයි

අර්තාපල් කියා ගෙන්වූ ලක්‍ෂ 30ක බීට්රූට් රේගුවෙන් අල්ලයි

අර්තාපල් බවට හඟවමින් නීතිවිරෝධී ලෙස ආනයනය කළ රුපියල් ලක්‍ෂ 30 කට අධික වටිනාකමින් යුත් බීට්රූට් කිලෝ 16,000ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.

 

පාකිස්තානයේ සිට මෙරටට ආනයනය කළ සැක කටයුතු ශීතකරණ සහිත බහාලු‍ම් දෙකක් පරීක්ෂා කිරීමේදී එහි සූක්‍ෂම ලෙස සඟවා තිබූ මෙම බීට්රූට් සොයාගත් බව කී සුදත්ත සිල්වා මහතා වත්තල පිහිටි සමාගමක් එම බහාලු‍ම් තුළ ඉන්දියාවෙන් ආනයනය කරන ලද අර්තාපල් කිලෝග්‍රෑම් 53,000 අඩංගු බව රේගුවට ප්‍රකාශ කර තිබූ බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

මෙම බීට්රූට් තොගය අර්තාපල් අඩංගු බෑග්වලට සමාන බෑග්වල අසුරා එම බහාලු‍ම්වල ගැඹුරු අන්තයේ ඉතා සූක්ෂ්ම අයුරින් සඟවා තිබූ බවත් එය නිෂ්කාශනය කිරීම සඳහා පැමිණි වාප්පු ලිපිකරු රේගුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.

 

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයට අනුයුක්ත ග්‍රේ ලයින් 02 බහාලු‍ම් පරීක්ෂණ අංගනයේ රේගු නිලධාරීන් වැඩිදුරට පරීක්‍ෂණ ක්‍රියාත්මක කරන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

views

740 Views

Comments

arrow-up