අල්ලස් ගත් විදුහල්පතිට වැඩ වරදී

පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයකු අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පාසලේ පළමු වසර සඳහා සිසුවෙකු ඇතුලත් කිරීමට රුපියල් ලක්ෂ 5 ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ එකා මාරක මුදලක් ලබා ගැනීමේදී මෙම අත්අඩංගුවට ගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ප්‍රකාශකයෙකු අප වෙබ් අඩවියට සඳහන් කළේ.
අදාළ දරුවාගේ පියා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ අල්ලස් නිලධාරීන් උප්පරවැට්ටියක් යොදා සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි මෙම සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මෙම සැකකාර විදුහල්පතිවරයා හෙට දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
774 Views
Comments