වට්සැප් පරිශීලකයින්ට පණිවිඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

වට්සැප් පරිශීලකයින්ට පණිවිඩයක්

වට්සැප් පරිශීලකයින්ට පණිවිඩයක්

 

සමාජ මාධ්‍ය මෙවලමක් වන වට්සැප් මඟින් සන්නිවේදනයන්ට අමතරව අනෙකුත් වැදගත් කාර්යයන් ගණනාවක් සිදුකරනු ලබයි.

 

කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍ය ජාලාවල පවතින පෞද්ගලිකත්ව ගැටලුව මීට වසර ගණනාවකට පෙර සිටම ඉස්මතු වූ කාරණාවක් ලෙස දක්වන්න පුළුවන්.

 

විශේෂයෙන්ම ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා පෞද්ගලිකව හුවමාරු කරගැනීම සුලභව සිදුවන වාතාවරණයක පසුගිය කාලයේදී වට්සැප් විසින් සිය පරිශීලකයන් වෙතට “View Once” නම් නව Feature එකක් හඳුන්වා දෙනු ලැබීය.

 

මෙයින් සිදු කරන්නේ තවකෙකුට යවන ලද ඡායාරූපයක් හෝ වීඩියෝවක් View Once යටතේ යවනු ලැබූ විට එය එක් වරක් පමණක් විවෘත කර බැලීමට ඇති හැකියාවයි.

 

කෙසේ වෙතත් මෙම Feature යටතේ වුවද පණිවුඩය ලබන්නා හට එම මාධ්‍යයේ Screenshot එකක් හෝ Screen recording එකක් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

 

මෙය යම්තාක් දුරට පෞද්ගලිකත්වය හා සම්බන්ධ කරුණක් වන බැවින් පරිශීලකයාගේ දත්තවල සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අභිලාෂයෙන් පසුගිය අගෝස්තු මසදී වට්සැප් නිවේදනය කරනු ලැබුවේ තම සමාජ මාධ්‍ය තුළ එම ක්‍රියාවලිය සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන බවත් එම ක්‍රියාවලිය යටතේ View Once පණිවුඩ සඳහා Screenshots සහ Screen Recording ලබාගැනීමට ඇති හැකියාව වළකා දමන බවත්ය.

views

190 Views

Comments

arrow-up