ගල්කිස්ස සහ රත්මලානේ සුපිරි ගණිකා නිවාස තුනක් වටලා සුරූපිනියෝ 8ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

ගල්කිස්ස සහ රත්මලානේ සුපිරි ගණිකා නිවාස තුනක් වටලා සුරූපිනියෝ 8ක් අත්අඩංගුවට

ගල්කිස්ස සහ රත්මලානේ සුපිරි ගණිකා නිවාස තුනක් වටලා සුරූපිනියෝ 8ක් අත්අඩංගුවට

ගල්කිස්ස සහ රත්මලාන යන ප්‍රදේශවල කොවිඩ් සෞඛ්‍ය නීතිරීතිද උල්ලංඝනය කරමින් ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන තුනක් වටලා ඒවායේ කළමනාකාරියන් තිදෙනක් සහ ගණිකා වෘත්තියේ නියැළුණු කාන්තාවන් පස්දෙනක් ගල්කිස්ස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් පසුගිය පෙබරවාරි 04 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර සිටි කළමනාකාරිනියන් පොකුණුවිට, පයාගල, එපිටවත්ත පුවක්පිටිය, යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26 - 37 වයස් කාණ්ඩවල පසුවන්නියන් වන අතර, ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් පයාගල, දෙනියාය, පානදුර, මඩොල්සිම, හම්බන්තොට, පුවක්පිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 - 37, වයස් කාණ්ඩවල පසුවන්නියන් බවද පොලිසිය පවසයි.

 

ඇතුළු වීමේ ගාස්තු ලෙස රුපියල් 1500ක් ගනු ලබන අතර, ඒවායෙහි සිටින කාන්තාවන් රුපියල් 5000 සිට 15000 දක්වා විවිධ මිල ගණන්වලට මිලදී ගත හැකි ලෙස ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

views

809 Views

Comments

arrow-up