තලෙබාන්වරු තවත් විනාශයකට සැරසෙති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

තලෙබාන්වරු තවත් විනාශයකට සැරසෙති

තලෙබාන්වරු තවත් විනාශයකට සැරසෙති

අග්‍රගණ්‍ය ඉතිහාසයක සංකේත වූ ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදුපිළිම ලෝකයට අහිමිකර මේ වනවිට වසර 20ක් ගෙවී අවසන්ය.

 

එම විනාශය සිදුකළ තලෙබාන් සංවිධානය එම ප්‍රතිමා වටා ඇති ප්‍රතිමාඝර ද පුපුරවා හැරීමට මේ වනවිට සැලසුම් කරමින් සිටින බව විදෙස් පුවත් සේවයක් අද හෙළිදරව්වක් කර තිබුණි.

 

තලෙබාන් සංවිධානය 2001 මාර්තු මාසයේදී බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළේ ලොවක් කම්පනයට පත් කරමිනි.

 

ඊට අණ දුන්නේ එම සංවිධානයේ එවක නායක මුල්ලා මොහොමඩ් ඕමාර් ය.

 

6 වෙනි සියවසට අයත් සුවිශේෂී ලෝක උරුමයක් වූ එම ප්‍රතිමා විනාශ කිරීම ලොව පුරා හැඳින්වුණේ ඉස්ලාමීය අන්තවාදීන් මානව වර්ගයාට එරෙහිව කළ අපරාධයක් ලෙසයි.

 

විසි වසරකට පසු යළිත් බාමියන් බුද්ධ ප්‍රතිමා විදෙස් මාධ්‍ය අතර මාතෘකාවක් වී තිබෙන්නේ මෙම අලුත්ම පුවතත් සමගයි.

 

ඒ යළි එරට පාලන බලය අල්ලාගත් තලෙබාන් සංවිධානය එම ප්‍රතිමා වටා ඇති ප්‍රතිමාඝර ද පුපුරවා හැරීමට සැලසුම් කර ඇතැයි හෙළිවීමත් සමගිනි.

views

815 Views

Comments

arrow-up