උපාධි පාඨමාලා හැදැරීමට පොලී රහිත ණයක්

රජයේ පොලී රහිත ණය යෝජනා ක්‍රමයට ඇතුළත්ව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමිව ඇත.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
ඒ අනුව 2018, 2019 සහ 2020 වසරවලදී උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට නොහැකිවු සිසුන්ට එම වැඩසටහන යටතේ උපාධි හැදැරීමට අවස්ථාව හිමිවේ.
එම ණය යෝජනා ක්‍රමය "Skills - High Education Exhibition @kaluthara - 2022" යන නමින් හඳුන්වයි.
787 Views
Comments