නොලැබුණු පෙමට පිහි පහර 07ක් - ප්‍රහාරකයා නිදැල්ලේ

තම දියණියට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකළ තරුණයා අත්අඩංගුවට ගැනීම පොලීසිය පමාකරමින් සිටින බව පොලිස් නිලධාරියෙක්ම චෝදනා කරයි.
පසුගිය 21 වනදා ලබුදුව ප්‍රදේශයේ පිහිටි උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යාවකට තරුණයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබිණ.
එම ශිෂ්‍යාවගේ පියා චෝදනා කරන්නේ, එම පුද්ගලයා සම්බන්ධයෙන් මීට පෙර පොලීසියට පැමිණිලි කළත් අවශ්‍ය පියවර නොගත් බවයි.
ගාල්ලේ උසස් තාක්ෂණ ආයතනයක විදුලි ඉංජිනේරු අංශයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 23 හැවිරිදි එම ශිෂ්‍යාවට ලබුදුව වෛද්‍යපිඨ නිල නිවාස ගේට්ටුව අසලදි පුද්ගලයකු පසුගිය පිහියෙන් ඇන තිබුණි.
බරපතළ තුවාල ලැබූ එම සිසුවිය මේවන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇය මොනරාගල, තණමල්විල ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
එම සිසුවියගේ පියාද පොලිස් නිලධාරියෙක් වන අතර ඔහු පවසන්නේ පිහි ඇනුම සිදුකළ පුද්ගලයා මීට පෙර හත් වතාවක් සිය දියණියට මරණීය තර්ජනය කර ඇති බවත් ඒ පිළිබඳව අවස්ථා කිහිපයකදී තණමල්විල පොලීසියට පැමිණිලි කළ බවත්ය.
නමුත් තණමල්විල පොලිසිය ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදුනොකළ බවට ඔහු චෝදනා කරයි.
868 Views
Comments