ටිපර් රථයක් මොටර් රථයක ගැටී සිදුවූ මාරක අනතුරින් තිදෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

ටිපර් රථයක් මොටර් රථයක ගැටී සිදුවූ මාරක අනතුරින් තිදෙනෙක් මරුට

ටිපර් රථයක් මොටර් රථයක ගැටී සිදුවූ මාරක අනතුරින් තිදෙනෙක් මරුට

අම්පාර, දමන, එක්ගල්ඔය ප්‍රදේශයේදි ටිපර් රථයක් සහ මොටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

 

අනතුර සිදුවෙන අවස්ථාවේ ටිපර් රථය දමන සිට සියඹලාණ්ඩුව දෙසට ධාවනය වි ඇති අතර මොටර් රථය සියඹලාණ්ඩුවේ සිට දමන දෙසට ධාවනයවී ඇත.

 

පසුව අවට පිරිස් එක්ව තුවාලකරුවන් දමන රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතල තුවාල ලැබූවන් අම්පාර මහ රෝහලට ඇතුලත් කර තිබේ. 

 

දැනට මියගිය දෙදෙනෙකුගේ සිරුරු අම්පාර මහ රෝහලේ ඇති අතර එක් මල සිරුරක් දමන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇත.

 

අනෙක් තුවාලකරුවන් පස්දෙනා අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලීසිය පවසයි.

views

696 Views

Comments

arrow-up