පාපැදිකරු බසයේ ගැටී මරුට - ජනයා බසයට ගිනි තබති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

පාපැදිකරු බසයේ ගැටී මරුට - ජනයා බසයට ගිනි තබති

පාපැදිකරු බසයේ ගැටී මරුට - ජනයා බසයට ගිනි තබති

අවිස්සාවේල්ලේ සිට මානියම්ගම සේවක සේවිකාවන් රැගෙන ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පාපැදිකරුවකුගේ ගැටී 15 වැනිදා සවස අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

මෙලෙස මිය ගොස් තිබෙන්නේ ඉහළ ගම්මැද්දලාගේ වීරසේන නමැති මානියම්ගම පදිංචි වයස අවුරුදු 71 වන පෙදරේරුවෙකි.

 

15 වැනිදා මානියම්ගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇති අතර 1990 සුව සැරිය ගිලන් රථ සේවාව මගින් තුවාලකරු අවිස්සාවේල්ල රෝහලට ගෙන යෑමෙන් පසුව මෙලෙස මිය ගොස් තිබේ.

 

සිද්ධියෙන් ප්‍රකෝප වූ ජනතාව එම අවස්ථාවේදී බස් රථයට ගිනි තබා තිබෙන අතර රියැදුරු පලා ගොස් තිබේ. 

 

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණය පවත්වයි.

views

695 Views

Comments

arrow-up