දියනාමින් සිටියදී සැඩ පහරට හසුව අතුරුදන් වූ පාසල් සිසුවා සොයා මෙහෙයුම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

දියනාමින් සිටියදී සැඩ පහරට හසුව අතුරුදන් වූ පාසල් සිසුවා සොයා මෙහෙයුම්

දියනාමින් සිටියදී සැඩ පහරට හසුව අතුරුදන් වූ පාසල් සිසුවා සොයා මෙහෙයුම්

තන්තිරිමලේ, බෝගොඩ ප්‍රදේශයේදී මල්වතු ඔය පාලම අසල දියනාමින් සිටි පාසල් දරුවෙකු සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් තිබේ.

 

ඊයේ(09) සවස එම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

 

එලෙස අතුරුදන්වී තිබෙන්නේ 17 හැවිරිදි ලු‍ණුවිල, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ හදාරන සිසුවෙකි.

 

දියේ ගිලීමෙන් අතුරුදන් වූ පාසල් සිසුවා සොයා තන්තිරිමලේ පොලීසිය හා නාවික හමුදාව එක්ව මෙහෙයුම් සිදුකළ අතර මෙතෙක් හමුවී නොමැති බව පොලීසිය කියයි.

 

තන්තිරිමලය පොලිසිය හා නාවික හමුදාව එක්ව තවදුරටත් සෙවීමේ මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පැවසීය.

views

787 Views

Comments

arrow-up