ඔමික්‍රෝන් කොරෝනාවෙන් ලෝකයම බේරයි.. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලොකයටම සුබ පණිවුඩයක්

මෙම වසරේ ජූලි, අගෝස්තු මාස වන විට කොවිඩ් 19 වසංගතය සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක් තත්ත්වයට පත්වුණු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කරයි.
ඔමික්‍රෝන් ප්‍රභේදය සමඟ ගෝලීය වශයෙන් කොවිඩ් රැල්ල උච්චවීමක් සිදුවී ඇතිමුත් දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන්නේ ඉතාමත් සුළු පිරිසක් බව පෙන්නුම් කරමින් සිටී.
මීට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ එන්නත්කරණය සහ ඔමික්‍රෝන් ප්‍රභේදය විසින් ඩෙල්ටා ප්‍රභේදය යටපත් කිරීමයි.
මේ අතර ඔමික්‍රොන් ප්‍රභේදයත් සමඟ කොවිඩ් වසංගතය ලෝකයෙන් තුරන්වීමේ යම්කිසි හැකියාවක් ඇතැයි ඖෂධ නියාමන හා සැපයුම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතාද පවසයි.
එවන් තත්ත්වයක් තුලදී සිවුවැනි මාත්‍රාවක් ගැන කතා කළ යුතු යැයි නොසිතන බවද පැවසූ ඔහු නමුත් එවැනි අනපේක්ෂිත තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහාද සැලසුම් ඇති බවද කියා සිටියේය.
1443 Views
Comments