නෑනාගේ රත්‍රං ඉස්සූ දෙදරු මව මාට්ටු

තල්පොත ප්‍රදේශයේ තම නෑනාගේ රන් භාණ්ඩ තොගයක් සොරාගත් බව කියන දෙදරු මවක් පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය අත්අඩංගුවට ගෙන තිබේ.
රන් මාල 02, මුදු 02, පෙන්ඩන්ට් 01ක් ආරක්ෂාව සඳහා තම නැන්දනියට ලබාදී තිබුණු අවස්ථාවේ එම රන් භාණ්ඩ තොගය අල්මාරියේ සුරක්ෂිතව තිබියදී මෙලෙස සොරාගෙන ඇත.
එම කාන්තාව රන් භාණ්ඩ කදුරුවෙළ ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයකට අලෙවි කර තිබියදි සොයාගත් බවද පොලිසිය කියයි.
කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී ඇය මෙම රන් භාණ්ඩ තොගය සොරා ගත් බව තහවුරු වී තිබේ.
909 Views
Comments