පුද්ගලයෙක්ට මරු කැඳවූ කල්අඩියේ රිය අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

පුද්ගලයෙක්ට මරු කැඳවූ කල්අඩියේ රිය අනතුර

පුද්ගලයෙක්ට මරු කැඳවූ කල්අඩියේ රිය අනතුර

පුත්තලම කල්අඩිය 06 කණුව අසලදී යතුරු පැදියක් ලොරි රථයක ගැටිමෙන් සිදුවු අනතුරකින් එක් අයෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බව පුත්තලම මුලික රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

 

මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ පුත්තලම සිරම්භිඅඩිය, සිංගනාගවිල්ලු‍ව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු වු 28 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ සුනිල් ශාන්ත කුමාර නැමති අයෙකි.

 

මරණයට පත් වු අය සහ තවත් දෙදෙනෙකු එකම යතුරු පැදියක නැගි ඊයේ(23) රාත්‍රියේ සිරම්භි අඩියේ සිට පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

 

බරපතල තත්වයේ පසුවු අනෙක් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

 

පුත්තලම මුලස්ථාන පොලිසියේ රථවාහන අංශය සිද්දිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ පවත්වයි.

views

695 Views

Comments

arrow-up