සෙල්ෆි ගැනීමට ගිය පිය පුතු දෙදෙනා බිලිගත් සත්මාලේ ඇල්ලේ ඛේදවාචකය

අද(01) පස්වරුවේ දෙනියාය, කොළවෙනිගම සත්මාලේ ඇල්ලේ දියනෑමට ගිය පියා සහ පුතා එම ඇල්ලට වැටී මරණයට පත්වී තිබේ.
එලෙස මියගොස් තිබෙන්නේ ගාල්ල, හපුගල, ගිංතොට ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් සහ 16 හැවිරිදි දරුවෙකි.
පුතා විසින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී පය ලිස්සා ඇල්ලට ඇදවැටී තිබුණු අතර පුතා බේරාගැනීම සඳහා පියා ඇල්ලට පැන ඇත.
එහිදී දෙදෙනාම අතුරුදන්වී ඇති අතර පසුව සිරුරු දෙක සොයාගනු ලැබීය.
එකම පවුලේ මව, පියා, පුතා, දියණියන් දෙදෙනෙකු විනෝදය සඳහා මෙහි පැමිණ ඇත.
ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ අඩි 40ක් පමණ ගැඹුරු මෙම ස්ථානයේ මීට පෙර පුද්ගලයින් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බවය.
980 Views
Comments