ඇළකට වැටී ජීවිතක්‍ෂයට පත්වූ කාන්තාවකගේ මළසිරුරක් හමුවෙයි

බණ්ඩාරගම, වීදියගොඩ, බෙත්මේගොඩ ඇළෙහි වැටී මියගොස් සිටි කාන්තාවගේ සිරුරක් අද(25) හමුවූ බව මොරගහහේන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම බෙත්මගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඒ. ස්වර්ණලතා නැමැති 54 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
මියගොස් සිටි කාන්තාව ඊයේ(24) නිවසින් අතුරුදන්ව සිට ඇති බව පොලිසිය කියයි.
ඇය පිළිබඳ වනතුරු සොයා බැලුවද කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර අද(25) අසල්වාසී පුද්ගලයෙකු ඇය ඇලේ වැටී සිටිනු දැක ඒ බව ඥාතීන්ට දැනුම් දී තිබේ.
කාන්තාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇත.
731 Views
Comments