DEC
19
ගෑස් පිපිරීමකින් 15ක් මරුට… 13ක් අසාධ්‍යයයි

පකිස්ථානයේ කරච්චි නගරයේ ගෑස් නලයක් පිපිරීම නිසා 15 දෙනෙකු මිය ගොස් තවත් 07 දෙනෙක් බරපතල තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
රෝහල් ආරංචි මාර්ග පවසා ඇත්තේ තුවාල ලැබූ 13 දෙනෙක් සිටින බවත් ඔවුන් සියලු දෙනාම පසුවන්නේ අසාධ්‍ය තත්වයෙන් බවත්ය.
ගෑස් නලයක් පිපිරී යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, ඒ අසල පිහිටි පෞද්ගලික බැංකු ගොඩනැගිල්ලකට සහ එහි නවතා තිබූ වාහන කිහිපයකට මේ පිපිරීමෙන් හානි සිදු වී ඇති බවත් කරච්චි පොලිසිය පවසා ඇත.
1103 Views
Comments