අද කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනය වනු ඇත.
නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 50ක පමණ වැසි ඇතිවිය හැක.
සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
677 Views
Comments